අතීතයෙන් බිඳක්....
පිටිසර දුප්පත් ගම් පව්ලක පොල් අතු වහලයක්යට ඉපිද බුද්ධියේ හා භාග්‍යයේ ආලෝකය නොලබා නිවී යන දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයක් ඇති කළ යුතු ය. එදා මතුගම් ගරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නගර මැතිතුමාගේ එම උදාර සංකල්පය තුළන් දිවයින පුරා මධ්‍ය විද්‍යාල 54 බිහි විය.
එවකට කැළණි ආසනයේ මන්ත්‍රීවරයාව සිටි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා සිය ආසනයට වෙන්වු මධ්‍යම පාඨශාලාව පිහිටුවීම සඳහා සුදුසු බිමක් සෙවීය. එම අවස්ථාවේ ප්‍රදේශයේ මාහා දානපතියකු, ප්‍රභූවරයකු වු ඩී.ඒම්.රාජපක්ෂ මැතිතුමා තමපුතුන් වු ඩී.වයි.රාජපක්ෂ හා ඩී.යු.රාජපක්ෂ මහතුන් සමඟ සාකච්චා කර අක්කර 11කින් සමන් විත මෙම මනරම් බිම්කඩ මධ්‍ය විද්ධ්‍යාලය ඉදිකිරීම සඳහා පරිත්‍යාග කිරීම.